සිය ධුර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හා සෞක්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.
2022 වසරේ දී එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරයා ලෙස පැමිණි ඇඩෙනියි මහතා සිය සේවා කාලය තුළ දී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශාල සේවාවක් සිදුකළා.
රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහාය පමණක් නොව සෞඛ්‍ය සැලසුම් හා ව්‍යාපෘතිවලට අවශ්‍ය සහාය ද ඒ මහතා විසින් ලබාදුන්නා.
වත්මන් රජය මෙරට සෑම අංශයක්ම ඩිජිටල්කරණය කිරීමට පියවර ගැනීම වැදගත් වන බවයි ඇඩෙනියි මහතා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ ප්‍රකාශ කළේ.
එහිදී සෞක්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ මහතා මෙරට සිදු කළ සේවය අගය කිරීමටයි කටයුතු කළේ.
උණුසුම් පුවත්
- වැස්ස ගැන අනාවැකියක්….
- පින්කමකට ඇවිත් යන ගමන් කරපු තිරිසන් වැඩේ
- කොටි මර්දනය කළාසේ හමාස්ට බැට දෙන්න
- Pin Up – Azrbaycann n yax kazinosu Rsmi sayt.3915
- Glory Casino Login.21025
- මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට
- 1win зеркало сайта букмекерской конторы 1вин.479 (2)
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්













