වැසී යාමට ආසන්නව පැවති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා.
කලක් බෙහෙවින් ජනප්‍රියව තිබූ දියර කිරි නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීමටයි මේ අනුව ඔවුන්ට හැකිවී තිබෙන්නේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ ජනතාවට විශාල සේවාවන් රැසක් සිදුකළා.
ඒ ඔවුන්ට අවශ්‍ය පශු සම්පත් නිෂ්පාදන පහසු මිලටත් තත්ත්වයෙන් උසස් ප්‍රමිතියෙන් යුතුවත් ලබා ගැනීමට අවස්ථාව සලසාදෙමින්.
එහෙත් පසුගිය කාලයේ ඇතැම් රජයන් ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ආයතනය වැසි යන තත්ත්වයට පත්වුණා.
දැන් නව කළමනාකාරීත්වය යටතේ මෙම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙන අතර දියර කිරි නිෂ්පාදනයත් යළි ආරම්භ කෙරුණා.
ඒ දියර කිරි ලීටර් එකේ ඇසුරුම එළිදක්වමින්.