චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුව අමතා 2025 සඳහා වන ආර්ථික කාර්යයන් සාරාංශගත කරමින් එළඹෙන 2026 වසර සඳහා ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග නියම කර තිබෙනවා.
මෙම වසර, අසාමාන්‍ය වසරක් බව එම සැසිවාරයේදී සඳහන් කෙරුණා.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මගපෙන්වීමෙන්, චීනය සමස්තයක් ලෙස නව සංවර්ධන සංකල්පයෙන් යුතුව අධිෂ්ඨානශීලීව ක්‍රියාකර, උසස් මට්ටමේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් දේශීය හා විදේශීය අංශ දෙකේ සම්බන්ධීකරණයෙන්, වඩාත් ඵලදායී සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබෙනවා.
2026 වර්ෂයේ ආර්ථික සංවර්ධනය සඳහා පහත සඳහන් ප්‍රධාන කාර්යයන් වෙත ප්‍රමුඛත්වය ලබාදීමට එම සැසිවාරයේදී තීරණය කෙරුණා.
පළමුවැන්න, දේශීය ඉල්ලුම ප්‍රමුඛ කර ගනිමින් ශක්තිමත් දේශීය වෙළඳපොළක් ගොඩනැගීමයි.
දෙවැන්න, නවෝත්පාදනය මත පදනම්ව නව වර්ධන ධාවකයන් සංවර්ධනය කිරීමයි.













