සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අනුව අදාල මන්ත්‍රීවරුන් එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
ඔහු මේ බව කියා සිටියේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්
අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරග කරනුයේ සමගි ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ