ගිරිඋල්ල පොලිස් වසමේ, කටුගම්පල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.