මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඉසබාගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව එම කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී ඔහු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති පහත සඳහන් දේපළ හා බැංකු ගිණුම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දෙසැම්බර් 10 වන දින සිට දින 7ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තවද මීට පෙර මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදල් රුපියල් විසි අටකෝටි තිස්තුන් ලක්ෂයක මුදලක් (රු.283,300,000) අධිකරණ ගිණුමේ තැන්පත් කර ඇති අතර එම මුදල් ඉහත විමර්ශනයට අදාළව පාදක කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව සම්පූර්ණ මුදල රුපියල් තිස් හත්කෝටි හැට දෙලක්ෂ තිස්දහස් අටසීය හැත්තෑ හතයි ශත තිස් තුනයක (රු. 376,230,877.31) මුදලක් වනවා.













