වලංගු බලපත්‍ර නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති 5033ක තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්මුණේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන කල්මුණේ, මරදමුනෙයි 6 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.











