ටී-56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කතරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ ප දිංචිව සිටි වයස අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී සැකකරු සමග ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු ගිනි අවිය අපරාධ සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරු විවිධ ජාවාරම් සිදු කරන පුද්ගලයෙක් බවට පොලිසිය පවසනවා.