ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පාකිස්තානු අගමැති ශෙබාස් ශරීෆ් මහතා සිය කණගාටුව පළ කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනුයි ඒ මහතා සිය කණගාටුව පළ කර තිබෙන්නේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේදී පාකිස්තානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද අගමැති ශෙබාස් ශරීෆ් මහතා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණදීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයෝ රැසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කණගාටුව පළ කළ අතර,ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතුවලට සිය අඛණ්ඩ සහාය මෙරටට ලබා දෙන බවටද සහතික වී තිබුණා











