දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර හෙට ආරම්භ වනවා.
මේ යටතේ කොළඹ, කළුතර, ගාල්ල, ගම්පහ, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 21 ක, මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “සුවපත් රටක් උදෙසා” වැඩසටහන යටතේ මෙම මධ්‍යස්ථාන පිහිටුවනු ලබනවා.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 05 ක් පසුගිය වසරේදී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල පිහිටුවනු ලැබුවා.
මෙම ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය තුළින් ජනතාවගේ සෞඛ්‍ය නගාසිටුවීම ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් රාශියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වන අතර පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක මෙම මධ්‍යස්ථාන ස්ථානගත කිරීම ද විශේෂත්වයක්.













