වැටුප් වැඩි කිරීම ඇතුළු කරනු කිහිපයක් මුලික කරගනිමින් දින හතළිස් හයක කාලයක් පුරා ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා .
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කළ ද සිසුන් ඇතුළත් කිරීම වර්ජනය අවසන් වන තෙක් කල් යාම නොවැළැක්විය හැකි බවයි එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
ලැබෙන අයදුම්පත් තේරීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය නොමැති හෙයින් වර්ජනය අවසන් වුව ද අයදුම්පත් තෝරා ගැනීමේ කටයුතු සඳහා අමතර කාලයක් ගතවන බවත් එම නිලධාරියා කියාසිටියා .
එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කෙරෙන ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බවද සදහන් .