මෙරට පාසල් ළමුන් අතරින් බහුලව වශයෙන්ම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වී ඇත්තේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී තිබෙනවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, වැනි ප්‍රදේශ රැසක ජීවත් වන අඩු ආදායම් ලාභි පවුල්වල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවයි.
මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත ප්‍රදේශ ලෙස සැලකිය හැකියි.
මිතුරන්ගේ බලපෑම මෙම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක් කර ධාරා 6 ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.