
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් පිතිකරු සොනාල් දිනූෂ සමත්ව තිබෙනවා. ඒ ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින් ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද විශිෂ්ට පිතිකරණ දස්කම් මෙම ශ්‍රේණිගත කිරීම් උසස්වීමට හේතුවී තිබෙන බවයි වාර්තා වන්නේ. අවසන් වරට සිදුකළ ශ්‍රේණිගත කිරීම්වලදී ස්ථාන 49ක් ඉදිරියට පැමිණෙමින් 103 වැනි ස්ථානයේ සිට 54 වැනි ස්ථානය දක්වා පැමිණීමටද සොනාල් දිනූෂ සමත්වුණා.














