
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා, රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා දින මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් තිබුණා. කෙසේ වෙතත් , ලබාදුන් පෙර දැනුම්දීමට අනුව රවී කරුණානායක මහතා අද දිනයේ මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.














