පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලි සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබුණා.
පක්ටිකා පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස මියගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
මෙලෙස මිය ගොස් ඇත්තේ කබීර් ආගා , සිබ්ගතූල්ලා සහ හරූන් යන ක්‍රීඩකයින් බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
පාකිස්ථාන ප්‍රහාර හේතුවෙන් මිය ගිය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක5ීඩකයින්ගේ
ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ෆසල්හක් ෆාරුක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් සමූල ඝාතනය කිරීම සමාව දිය නොහැකි වරදක් බවයි.
උණුසුම් පුවත්
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
- පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියාවට භූ කම්පනයක්
- විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
- අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි
- ගංජා පැල සහ ගිනි අවියක් සමග දෙදෙනෙක් අල්ලයි










