දීප ව්‍යාප්ත සියලුම රජයේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන් අද එක්දින වැඩවර්ජනයක නිරත වුණා.
ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය පැවැත්වූ බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කලේ.
මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල දේශන ඇතුළු අධ්‍යන කටයුතු අද ක්‍රියාත්මක කෙරුණේ නැහැ.
සිය ගැටලුවලට කඩිනමින් විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයාම මෙන්ම ඔවුන් නිසි ලෙස බඳවා නොගැනීමේ පසුබිම තුළ මතුව ඇති ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් ගැටලුව, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොවීම, පර්යේෂණ වෙනුවෙන් වන ප්‍රතිපාදන තවදුරටත් පහළ මට්ටමක පැවතීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.
තම ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ .
මෙම වර්ජනය හේතුවෙන්, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක දේශන පැවැත්වීම ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අඩාල වී තිබුණා