මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකළ අතර, ඒ අනුව එම කොමිෂන් සභාව අද රැස් වී නව ගාස්තු සංශෝධනය ප්රකාශයට පත් කරනු ඇති.
විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් යෝජනාවලිය පසුගිය දා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කරනු ලැබුවා.