Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වයන් ගැන අවධානය

    වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වයන් ගැන අවධානය

    2023-01-11කියවීමට මිනිත්තු 3ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වී වගාව ආශ්‍රීතව දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට පවතින රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසනවා.

    ගොයම් කහ පැහැ ගැන්වීම, කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග තත්ත්වය වී වගාව ආශ්‍රීතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිලධාරී කණ්ඩායම් එම රෝග තත්ත්වයන් පවතින ප්‍රදේශයන් වෙත යොමු කර එමම තත්ත්වයන් වළකා ගැනීමට අදාළ පියවර මේ වන විටත් ගනිමින් සිටින බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති කරුණු හා එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරනු ලැබුවා.

    ගොයම් කහ පැහැති වීමට ප්‍රධාන හේතුව පසෙණ ඌනතාව බවත් ඊට අමතරව ඇතැම් කුඹුරුවල ලවණතාවය ඉහළ යාමත් හේතු වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    ඊට අමතරව ඉහත කී කහ පුල්ලි රෝගය කීඩැ උවදුර හා වටපණු රෝගය ද බලපා තිබෙනවා.

    පසුගිය කන්න තුනක පමණ මූලික පොහොර හෙවත් TSP(මඩ පොහොර), යූරියා සහ බණ්ඩි (MOP) පොහොර නොයෙදීම හේතුවෙන් පසේ අන්තර්ගත විය යුතු නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණය අවම වීම හේතුවෙන් ගොයම් ගසට අවශ්‍ය පෝෂණය නොලැබීම ඒ්වා කහ පැහැති වීමට හේතු වී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ඒසේම මෙවර මහ කන්නයේදී යූරියා සහ බණ්ඩි පොහොර ලබාදුන්නද ඇතැම් ගොවීන් මෙතෙක් තම කුඹුරුවලට මෙතෙක් බණ්ඩි පොහොර යොදා නොමැති බවද අමාත්‍යංශය පවසනවා.

    කොමර්ෂල් පො‌හොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් අලෙවි කර ඇති බණ්ඩි පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1800ක් තරම් සුළු ප්‍රමාණයක් බවත් එම තත්ත්වයද ගොයම් පැල වර්ධනයට බලපා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

    එසේම මෙවර මහ කන්නයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී වගාව සඳහා 70% රසායනික පොහොර හා 30%ක් කාබනික පොහොර යෙදීමට නිර්දේශ කළ ද ඇතැම් ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ නොසලකා කටයුතු කර තිබෙන බවත් එම තත්ත්වයද ගොයම්වලට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීමට හේතු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

    කෙසේ වුවද මෙම තත්ත්වයන්ගෙන් වී වගාව ආරක්ෂා කර ගැනීම ඳසහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගත යුතු සියලු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් කීඩෑ රෝගය, කහපුල්ලි රෝගය හා වටපණු රෝගය මර්දනයට නිර්දේශ කර ඇති කෘමිනාශක සම්බන්ධව ඒ ඒ් දිස්ත්‍රික්කවල ගොවි ජනතාව දැනුම්වත් කර ඇති බවත් ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම්දී තිබෙනවා.

    කෙසේ වුවද මීලඟ යල කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය පොහොර වර්ග තුනම ලබාදීමට දැනටමත් සැළසුම් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා සියලු ගොවීන් වෙත මඩ පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලයේ ම ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කරනවා.

    ගොයම් කහ පැහැතිවීම යූරියා පොහොරවල ප්‍රමිතියේ ගැටළුවක් බවට ඇතැම් ගොවීන් කරන ප්‍රකාශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙරටට රජය විසින් හා පුද්ගලික අංශය විසින් ආනයනය කරන යූරියා පොහොර සියල්ලම ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් රසායනාගාර වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අනුමැතිය දුන් ඒවා බවත්, මෙරට දැනට භාවිතා කරන යුරියා පොහොරවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

     

     

     

    පෙර පුව​තලෝක බැංකුවෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත නව සන්ධානය එළි දැක්වීම අද පස්වරු 3.00ට

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group