හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට භාවිතා කරන කොළ මුද්‍රණය කරනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 9 වැනිදා පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලදාරීන් කණ්ඩායමක් විසින් පානදුර ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කර තිබෙනවා.
ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ(14) දින මොරටුමුල්ල පොලිස් වසමේ කටුබැද්ද ප්‍රදේශයේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලදාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට භාවිතා කරනු ලබන කොළ මුද්‍රණය කළ පුද්ගලික ආයතනයක් වටලා අඟල් 01½01 ප්‍රමාණයේ මුද්‍රණ කොළ 45,000ක්, පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ලිපිද්‍රව්‍ය හා ජංගම දුරකථනයක් සම සැකකරුවෙක් අත්ඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් පමණ වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් තිදෙනෙකු සමග සම්බන්ධතා පවත්වමින් මෙම මුද්‍රණ කටයුතු සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











