
ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීමත් සමඟ මේ වනවිට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව උඔෂ වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.88 කින් ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.07 කින් ඉහළ ගොස් ඩොලර් 79.08 ක් ලෙස එම වර්ගයේ බොරතෙල් මිල සටහන්ව තිබෙනවා. ඊට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 74.64 ක් ලෙස දැක්වෙන්නේ ඩොලර් 3.67 කින් ඉහළ යෑමත් සමඟින්. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල මෙලෙස ඉහළ යෑමට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.














