දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින් 643දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි.
ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 184දෙනෙකු අතුරුදන්ව ඇති බවද එම මධ්‍යස්ථානය අවධාරණය කළා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වුනා.
මේ වන විට පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසනවා.
මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 845 ක පුද්ගලයින් 83,361 දෙනෙකු තවදුරටත් රඳවා තිබෙනවා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












