Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි

    විදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි

    2026-01-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදු තම කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

    “ඩුබායි සුද්දා” ඔහුගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පළකරමින් මෙම ජාවාරම සිදුකර ගෙන යනු ලබන අතර, ඔහුට මුදල් ලබාදී මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් මේ වන විට කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    ඒ අනුව ඔහුට එරෙහිව මේ වන විට කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර, තවදුරටත් මෙම වංචාවට හසුවූ පුද්ගලයින් වෙතොත් හැකි ඉක්මණින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    1985 අංක 21 දරණ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවාගැනීම, ප්‍රචාරය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම, ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, බලපත්‍රයකින් තොරව එවැනි කටයුතු කිරිම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරනවා.

    මෙවැනි මිනිස් වෙළඳාම්කරුවන් මැඩලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ඒකකයක්ද කාර්යාංශයේ ස්ථාපිත කොට ඇති අතර, එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    විදේශ රටවල රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් විසින් සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හෝ නව සමාජ මාධ්‍ය පිටු භාවිතා කරමින් විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබෙනවා.

    එම ජාවාරම් පිළිබඳ කාර්යාංශය දැඩිව අවධානය යොමුකර ඇති අතර, එවැනි වංචාකරුවන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

    වංචාකරුවන් විසින් විදේශ රැකියා ලබාදෙන බව පවසා සිය පුද්ගලික ගිණුම්වලට මුදල් ලබාගන්නා අතර, ඇතැම් අවස්ථාවල ව්‍යාජ රැකියා ගිවිසුම්, ව්‍යාජ වීසා ලේඛනද රැකියා අපේක්ෂිතයින්ට යොමුකරනු ලබනවා.

    ඉන්පසු ඔවුන්ගේ දුරකථනද ක්‍රියා විරහිත කරමින්, සමාජ මාධ්‍ය ගිණුම්ද අක්‍රිය කරන අතර, පසුව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් ව ඇති බවද කාර්යාංශය පවසනවා.

    එබැවින්, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා කාර්යාංශයේ අනුමැතියලත් විදේශ රැකියා නියෝජිතායතනවලට හැර වෙනත් අතරමැදියන්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තයුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
    ඊළඟ පුව​ත ඔඩ්ඩි­සු­ඩාන් සහ රාජාං­ග­ණයේ සැක කට­යුතු මරණ දෙකක් පොලී­සි­යෙන් විම­ර්ශන

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group