ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව නාධිපති කාර්යාලයේදී සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. නෙදර්ලන්තය සතුව මේ වන විට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්. මේ අනුව දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත් විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ තිබෙනවා.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














