ඊශ්‍රායලයේ සේවයේ නියුතුව සිරි ශ්‍රී ලාංකික තරුණයෙක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
එරට ඉදිකිරීම් අංශයේ සේවය කරමින් සිටි ලාංකිකයෙකු මෙලෙස මියගොස් ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ.
හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බවත් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
කුරුණෑගල, ගල්කටුයාය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පසුගිය 14 වනදා ද ඊශ්‍රායලයේ සේවයේ නියුක්තව සිටි අයෙකුගේ මරණයක් වාර්තා වූවා.
ඒ සූඩාන ජාතික පුද්ගලයෙකු විසින් එම ලාංකිකයාව ඝාතනය කිරීමෙනි.












