සම්පත් මනම්පේරී තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බවත් එවැනි බොරු ප්‍රකාශ කරමින් පහරදෙන කණ්ඩායමට එරෙහිව ගත හ ැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස කියා සිටියා.
“රාජපක්ෂලාට ගැහුවා… ඊට පස්සේ මටත් ගැහුවා.
මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ලු… මනම්පේරි කියන පුද්ගලයා… මතක තියාගන්න මම සම්බන්ධීකරණ ලේකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි කියන එක මම තමුන්නාන්සේලාට මතක් කරන්න කැමැතියි.
කොහෙන් හරි බලන්නේ පහර දෙන්න.
ඒ නිසා නීති මගින් ගන්න පුළුවන්… එදා අපි නිශ්ශබ්දව හිටියේ… නීති මගින් ගන්න පුළුවන් උපරිම කටයුතු… අපි අධිකරණය කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කරනවා තාමත්.
අපි නීතිය මගින් කටයුතු කරන්න ඕන හැම අවස්ථාවකම කටයුතු කරනවා කියලා මතක් කරන්න කැමැතියි.”