
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වයස අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වයස අවුරුදු 63 සිට 65 දක්වා ඉහල දැමීමට නියමිතයි.














