නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- රෝහල්ගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනිය අත්අඩංගුවට
- රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
- කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
- ඝාතනය වූ වැලිගම සභාපතිගේ අවසන් කටයුතු අද
- තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව අත්හිටුවයි
- මස්කෙළිය රෝහලේ විරෝධතාවයක්













