රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ , ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10 , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙක්.
ඔහු ඊයේ දින රාත්‍රී 07.15 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සඟවා ගෙන සිටියදී ,සිය භාරයට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.
මෙම ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඔහු යළිත් මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගය සමග එළඹෙන )දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.