හෙට සහ අනිද්දා යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා තමන් සහභාගී නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසන්නේ වැඩවර්ජන කිරීම හරහා රෝගීන් මෙන්ම ජනතාවද අපහසුතාවට පත්වන බවයි.
සෞඛ්‍ය ක්ෂේත්රය තුල ප්‍රශ්න හා ගැටළු තිබුනද මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවයි ඒ මහතා පවසන්නේ.
කෙසේවෙතත් ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කලේ.