විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.
විස්සයි විස්ස තරග තුන පසුගියදා පැවැති අතර එහි පළමු තරගය කඩුලු 8කින්ද දෙවන තරගය කඩුලු 9කින්ද තෙවන තරගය ලකුණු 17කින්ද ජයගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
තරග සංචාරයේ පළමු එක්දින තරගය අද පැවැත්වෙන්නෙ එංගලන්තයේ Derby හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
මෙම තරගයේදී බටහිර ඉන්දීය කෙදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Jahzara Clazton සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Em Arlott සහ Linsey Smith එක්දින වරම් හිමිකර ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
ආරම්භක පිතිකාරිනියන් වන Tammy Beaumont හතරේ පහර දෙකක් සමගින් ලකුණු 19ක්ද Amy Jones හතරේ පහර පහක් සමගින් ලකුණු 23ක්ද ලබා සිටිනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන්නනියන් වන Zaid James පන්දුවාර පහක් යොමු කරමින් ලකුණු විස්සක්ද Cherry Ann Fraser පන්දුවාර පහක් යොමු කරමින් ලකුණු 24ක්ද ප්‍රතිවාදීන් වෙත ලබාගැනීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.
තරගයේ සජීවි ලකුණු සටහන පහතින් නරඹන්න.