හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 යි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කර ඇති අතර, එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබෙනවා.
2022 වසරේ පැවති මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවටයි මෙලෙස ඔහුට සිර දඩුවම් නියම කෙරුණේ.