මහනුවර මහරෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුනු පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටි අවස්තාවේ මෙම පුද්ගලයා ඇද වැටී තිබෙන්නේ ඊයේ පස්වරුවේයි.
ගොඩනැගිල්ලේ තුන්වන මහලින් මෙම පුද්ගලයා ඇද වැටී ඇති අතර එහිදී ඔහු බරපතල තුවාල ලැබුවා.
මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණු ඔහු මිය ගිය බවටයි වාර්තා වුණේ.
මෙම පුද්ගලයා අවුරුදු 71 ක් වන හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.