පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා .
ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි.
පොලිස්පතිවරයා විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරු වීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා එල්ලවු නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ රවී පද්මකුමාර මහතා පසුගිය 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කොට්ඨාසය වෙත ස්ථානමාරු කර තිබෙනවා .
ඔහු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ද ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












