හෙට සහ අනිද්දා යන දෙදින පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ අද පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ එම සංකේත වර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කිරීමට නියමිතයි.
ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කලේ,