ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා.
විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ, රුධිර සාම්පල නල සහ ගබඩා කර තිබූ අනෙකුත් ද්‍රව්‍ය ගින්නෙන් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
කෙසේ වෙතත් රෝහල් පලනාධිකාරියන් පවසන්නේ අදාළ ගින්න හේතුවෙන් කිසිදු රෝගියෙකු ජිවිතක්ෂයට පත් නොවූ බවයි.
නමුත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ව ගින්න හේතුවෙන් ඉන් පිටතට ගෙන විත් ඇති අතර එහිදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම පිරිස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.