“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය ලබන 15 වනදා සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතිනවා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ආයතනය මගිනුයි පළාත් පාලන සතිය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
සියලු පළාත් පාලන ආයතන ඒ සඳහා සම්බන්ධ කර ගන්නවා.
එම ආයතන මගින් සපයන මහජන සේවා හැකිතාක් මහජනතාව වෙත සමීප කරවීමට මෙමගින් හැකිවනවා.
එමෙන්ම මෙම සේවාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජංගම සේවා දිනය පැවැත්විය යුතුයි.
එම ජංගම සේවාව ක්‍රියාත්මකවන්නේ ලබන 15 වනදායි.
16 වනදා නම් කර ඇත්තේ පරිසර සහ රුක් රෝපණ දිනය ලෙසටයි.
17 වනදා සෞඛ්‍ය සහ සනිපාරක්ෂක දිනය වන අතර ආදායම් ප්‍රවර්ධන දිනය වන්නේ ලබන 18 වනදායි.