අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri LAnka රාජ්‍ය වැඩසටහනට සමගාමීවයි.
ඒ අනූව ජුලි 15 ට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනට සමගාමිව ජුලි 15 සිට 23 දක්වා පුරා සතියක් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී, උදෑසන 9.00 සිට – සවස 4.00 දක්වා තරුණ තරුණියන්ගේ නිපුනතවය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.