අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
එහිදී ගිනි අවියක් සහ උණ්ඩ හතක්ද සොයාගෙන තිබෙනවා.
එසේම සැකකරුවන් සමග අපරාධය සඳහා යොදා ගත් බව කියන මෝටර් රථයක්, කැබ් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.