
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා .
නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා එහි සේවා සැපයීම සිදුනොවන බවයි.
කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.














