ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 47 වැනි තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 153ක් රැස් කළා.
එහිදී දිල්ලි කණ්ඩායමේ කිසිවෙකුට 50 සීමාව පසුකර යෑමට නොහැකි වූ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් පන්දු 26දී නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති ලකුණු 16ට කඩුලු 3ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී පිල් සෝල්ට් පන්දු 33දී ලකුණු 68ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














