ජර්මනිය සහ ලක්සම්බර්ග් යන රාජ්‍ය වලින් යුරෝ මිලියන 5,000 ක් වටිනා ආපදා ආධාර තොගයක් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම ගුවන් යානය තුළ කූඩාරම් , ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ , මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළු විශාල ආපදා ආධාර තොගයක් තිබු බවයි අප වාර්තාකරු සදහන් කලේ .
ආධාර රැගත් බෝයිං 747 වර්ගයේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .













