ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.
ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ එක් වෙනස්කමක් සමගින්.
ඒ චාමික කරුණාරත්න වෙනුවට ජනිත් ලියනගේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේද බුම්රා සහ ඩුබේ කණ්ඩායමෙන් ඉවත් කොට ඒ වෙනුවට අර්ෂ්දීප් සහ සිං කණ්ඩායමට කැඳවා තිබෙනවා.