ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා අතුරින් යානා 3ක් වසර ගණනාවක සිට භාවිතයට නොගත්ත ද ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9කට ආසන්න මුදලක් වාරික වශයෙන් ගෙවා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
එමෙන්ම මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව සමස්ත ගුවන් යානා 22ක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පවසා සිටියේ අද පාර්ලිමේන්තුවේදීයි.
මේ අතර, මේ වනවිට ප්‍රධාන ගුවන් සේවය සතු සේවකයින් 3,194ක් සහ ඊට අදාළ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් ලෙස සමස්ථ සේවකයින් 6,056ක් සේවය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.