ඉන්දුනීසියානු කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජකර්තා අගනුවර මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි .
අදාළ ගොඩනැගිල්ලේ පළමු මහලේ තිබු බැටරියක් පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.
මියගිය බොහෝ දෙනා කාන්තාවන් බවත්, ඔවුන්ගෙන් එක් අයෙකු ගැබිනි බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා
ඔවුන් පිළිස්සුම් තුවාල වෙනුවට දුම ආග්‍රහණය වී හුස්ම හිරවීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













