කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ඇමරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහාය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ විසින් කරන ලද නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් වෙත ගොස් සිටියදී, එළිමහනේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා ජනාධිපති පෙට්‍රෝ අදාළ ප්‍රකාශ කර තිබුණා.
ට්‍රම්ප්ගේ විධානයන්ට කීකරු නොවිය යුතු අතර, මනුෂ්‍යත්වයේ විධානයන්ට පමණක් කීකරු විය යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.