ඊයේ (17) සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු ත්‍රීකුණාමලය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පදික මාරුවේ ගමන් ගත් පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රකුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මරණකරු වයස අවුරුදු 56ක් වූ වම්පාලෙන්, ආන්ද්‍රන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ වන විට මෙම අනතුරට සම්බන්ධ 19 හැවිරිදි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.