ඉන්දියා – ඇමෙරිකා අන්තර්වාර වෙළඳ ගිවිසුම ජූලි 08 වැනිදා වන විට ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊට අදාළ සියලු කොන්දේසි සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ආරංචි මාර්ග පවසන බවයි. අමෙරිකාව සමග සාකච්ඡා සඳහා ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ විශේෂ ලේකම් රාජේෂ් අග්‍රවාල්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමක් සාකච්ඡා අවසන් කිරීම සඳහා වොෂින්ටනයට ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලොව පුරා රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරු බදු පැනවීම සඳහා ලබා දී ඇති සහන කාල දිනය ජූලි 09 වැනිදා අවසන් වන බැවින් මෙම ගනුදෙනුව ඊට පෙර අවසන් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ. මේ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක බහු – ආංශික, විස්තීර්ණ පළමු වාරිකයක් සඳහා දෙපාර්ශවයම කටයුතු කරමින් සිටින බවද සඳහන්. ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර වෙළෙඳ ගනුදෙනුව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ කෘෂිකර්මාන්තය, මෝටර් රථ, කාර්මික භාණ්ඩ සහ ශ්‍රම – අධික නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ කෙරෙහි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
උණුසුම් පුවත්
- ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු
- වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ
- වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය
- ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට
- දඹුල්ල රෝහලේ පැදුරේ තියන් ප්‍රතිකාර – රෝහල් සේවකයෝද මානසික පීඩනයකට
- දුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට- සීලරතන හිමි
- රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- ගාසා තීරයේ පල්ලියක් වෙත ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්