ක්‍රිෂ් ගණුදෙනුවේ දී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම අද සිදුකෙරුණා.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.
විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයට මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
ඊට අමතරව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව මාර්තු 27 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.