Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    2026-02-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙම පද්ධතියෙ ්බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැික අතර මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

    ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදනය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දෙනවා.

    වැසි තත්ත්වය

    මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

    සුළඟ

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමා එයි.

    සුළ‍ඟේ වේග පැයට කිලෝමීටර් 20ක් 40ක් පමණ වේ.

    මුහුදේ ස්වභාවය

    දිවයින වටා වන මුුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    පෙර පුව​තසුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    ඊළඟ පුව​ත අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group