රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා..
ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 යන දිනවල සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සිදුකළ රුසියානු සංචාරයේ දී පුටින් ඉන්දියාවේ සංචාරයකට එක්වන බව සඳහන් වුවද, කාලසීමාව පිළිබඳ නිල සඳහනක් දක්වා තිබුනේ නැහැ.
කෙසේ නමුත් ඉකුත්දා චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී අගමැති මෝදි හා රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී නායකයින් දෙදෙනා පුටින්ගේ ලිමොසින් රථයේ ගමන්කර ඇති අතර, පැයක කාලයක් සංවාදයක ද නිරතව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි
- ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
- එංගලන්ත ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
- ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්
- රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට
- කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවකින් ආයුධ තොගයක් හමුවෙයි
- වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
- හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට












