රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා..
ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 යන දිනවල සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සිදුකළ රුසියානු සංචාරයේ දී පුටින් ඉන්දියාවේ සංචාරයකට එක්වන බව සඳහන් වුවද, කාලසීමාව පිළිබඳ නිල සඳහනක් දක්වා තිබුනේ නැහැ.
කෙසේ නමුත් ඉකුත්දා චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී අගමැති මෝදි හා රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී නායකයින් දෙදෙනා පුටින්ගේ ලිමොසින් රථයේ ගමන්කර ඇති අතර, පැයක කාලයක් සංවාදයක ද නිරතව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













